Sunday, May 5, 2024

General line - 0115112241

එජාපය සන්ධානයට අත්සන් කිරීම කල්දමයි




රට සුරකින සහ රට නංවන පුළුල් සන්ධානය පිහිටුවීම පිළිබඳ මෙතෙක් පැවැති සාකච්ඡාවන්හිදී නව යෝජනා ගණනාවක් ඉදිරිපත් වූ බැවින් ඒ අදහස් පිළිබඳව සියළු පක්ෂ සමග සාකච්ඡා කළ යුතු බවට ප්‍රතිපත්තිමය වශයෙන් තීරණය කර ඇති බව එජාප මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පෙන්වා දෙනවා.

ඒ සාකච්ඡා නිම වෙන තුරු සන්ධානය සඳහා අත්සන් තැබීම කල් දැමිය යුතු බවට ද එකඟත්වයකට එළඹ ඇති බවයි පෙන්වා දෙන්නේ.

සියලු අදහස් පිළිබඳව එකඟත්වයකට පැමිණෙන තුරු සන්ධානය පිහිටුවීම කල් දැමීමේ තීරණය ඔස්සේ ද පෙන්වා දී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ගුණය බවයි පවසා සිටින්නේ.