Saturday, May 11, 2024

General line - 0115112241

බස්-වෑන් රථ අනතුරෙන් පුද්ගලයින් තිදෙනෙක් ජිවිතක්ෂයට 




නිට්ටඹුව, කලල්පිටිය ප්‍රදේශයේ බස් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් තිබෙනවා. මෙලස මිය ගොස් ඇත්තේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙක් බවයි පොලීසිය පවසන්නේ.

කොළඹ සිට මහනුවර දෙසට ගමන් කරමින් තිබු පුද්ගලික බස් රථය කොළඹ දෙසට ධාවනය වෙමින් තිබු වෑන් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුරෙන් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් තිදෙනෙකු රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව ඇත.

මියගිය පිරිස අතර වෑන් රථයේ රියදුරු සහ ඔහුගේ මවද සිටින අතර තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින්නේ වෑන් රථයේ රියදුරුගේ පියා සහ සහෝදරියක් බවයි පොලිසිය සඳහන් කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලික බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.