Sunday, April 28, 2024

General line - 0115112241

ගාමිණි සෙනරත්ට එරෙහි නඩුවේ තීන්දුව දෙයි 

දිනුක් හේවාවිතාරණ




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙසට කටයුතු කළ ගාමිණී සෙනරත් ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ තීන්දුව කොළඹ ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමටයි කොළඹ ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙසට කටයුතු කළ ගාමිණී සෙනරත්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂක ලෙසට කටයුතු කළ පියදාස කුඩාබාලගේ සහ ලසන්ත බංඩාර යන අයට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබුණා. 

ඒ ලිට්‍රෝ ලංකා ගෑස් සමාගමෙන් කැන්වින් හෝල්ඩින්ග්ස් සමාගමට ලබා දුන් රුපියල් මිලියන 500 ක මුදලක් හෙලන්කෝ හොටෙල් පුද්ගලික සමාගමේ නීතිවිරෝධී ලෙසට ආයෝජනය කිරීමේදී සිදු වී ඇතැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන්.

පැමිණිලි පාර්ශ්වය චෝදනා 24 ම සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති බවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නිගමනය වුණා.

මෙම නඩුවට අදාල තීන්දුව  අද දින  විනිසුරු සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකි රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කළා.