Sunday, April 28, 2024

General line - 0115112241

වී ගබඩා කිරීමෙන් සිදුවූ හානිය සොයන නිළධාරීන් මත්තල ගුවන් තොටුපලට පැමිණෙයි

රාහුල් සමන්ත/ඩිල්ෂාන් මඩවල




මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් භාණ්ඩ රැදවුම් පර්යන්තයේ වී ගබඩා කිරීම හේතුවෙන් ගුවන් තොටුපොළට සිදුවූ හානිය තක්සේරු කිරීමේ කටයුතු අද ආරම්භ කෙරුණා.

ඒ 2015 සිට 2018 දක්වා වසරවල වංචා සහ දුෂණ විමර්ශනය කරන ජනාධිපති කොමිසම විසින්. විමර්ශන සහ තක්සේරු කිරීම සඳහා පොලිස් නිලධාරින් හා තක්සේරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මත්තල ගුවන්තොටුපොළ වෙත අද පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මත්තල ගුවන්තොටුපොළේ ගුවන් භාණ්ඩ පර්යන්තය තුල වී ගබඩා කිරීම සිදු කෙරුණේ 2015 සැප්තැම්බර් 02 වන දායි. ඒ සදහා පාර්ශව කිහිපයක විරෝධතා ද පැවතියා. 

මෙලෙස වී ගබඩා කිරීම හේතුවෙන් ගුවන් භාණ්ඩ පර්යන්තයේ තිබු වායු සමීකරණ පද්ධතියට සහ විදුලි පද්ධතියට ද ගුවන් භාණ්ඩ බහාලූම් වලදී භාවිතයට ගනු ලබන උපකරණ වලට ද හානි ඇතිවී ඇතැයි මූලික විමර්ශන වලින් හඳුනා ගැනුණා.