Friday, May 10, 2024

General line - 0115112241

අපේක්ෂකත්වය ගන්න සජිත්ට සටනක් දෙන්න වෙනවා : මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා කියයි

කසුන් කැලුම්




අමාත්‍ය සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ පාර්ශවයට ජනාධිපති ධුර අපේක්‍ෂකත්වය ලබාගැනීමට නම් ඔවුන්ට එක්සත් ජාතික පක්‍ෂය තුළ සටන් කිරීමට සිදුවන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න වැඩ භාර ගැනීමේ උත්සවය අමතමින්. 

මේ අතර මොරටුව ප්‍රදේශයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න කියාසිටියේ එක්සත් ජාතික පක්‍ෂය ප්‍රජාතන්ත්‍රවාදීව සිය ජනාධිපතිවරණ අපේක්‍ෂකයා තෝරාපත් කර ගන්නා බවයි.