Sunday, April 28, 2024

General line - 0115112241

කැබ් රථයක් ගැටී මාර්ගය අයිනේ ගමන් කළ හිමිනමක් අපවත් වෙයි




යුධ හමුදා කැබ් රථයක් මාර්ගයක් අයිනේ ගමන් කරමින් සිටි ස්වාමීන් වහන්සේ නමකගේ ගැටී ඊයේ (10) රාත්‍රි 7.30ට පමණ අනතුරක් සිදුව තිබෙනවා.

මැදවච්චිය පොලිස් වසමේ අනුරාධපුර මැදවච්චිය මාර්ගයේ වැලිඔය හන්දිය අසළදී යාපනය දෙසට ධාවනය වී ඇති කැබ් රථය මෙලෙස මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි හිමිනම අනතුරට ලක් කර තිබුණා.

අනතුරින් බරපතල තුවාල ලැබූ හිමිනම අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අපවත් වී තිබෙනවා.

අනතුරට ලක්ව ඇත්තේ වයස අවුරුදු 36ක් වූ පණ්ඩුකාභය පුර තම්මැන්නාගල රජමහා විහාරයේ වැඩ වාසය කළ සේනපුර ශීලවිමල හිමියන් ලෙස හඳුනාගෙන තිබෙනවා.