Friday, September 6, 2024

General line - 0115112241

පළාත් සභා ඡන්දයට ඇති වූ හදිසි හදිස්සිය කුමන්ත්‍රණයක්දැයි පොහොට්ටුවට සැකයක්

සිතාරා අතුකෝරල




ජනාධිපතිවරණයට තවත් කෙටි කාලයක් පමණක් ඉතිරිව තිබියදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව දක්වන උනන්දුව කඩාකප්පල්කාරී එකක් බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැවත චෝදනා කරනවා. මේ, ඒ පිළිබඳ වැඩිදුරටත් හේතු දක්වන එහි සභාපති මහාචාර්ය ජී එල් පීරිස්.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ද මෙහිදී අදහස් දැක්වූවා. ඒ, සිය පාලනයක් යටතේ රණවිරුවන්ට ආරක්ෂාව සහ ප්‍රතිලාභ ලබාදෙන බවට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මීට පෙර කළ ප්‍රකාශයකට ද ප්‍රතිචාර දක්වමින්. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (19) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කෙරුණා.