Friday, May 10, 2024

General line - 0115112241

නව යුදහමුදාපතිවරයා ජනපති හමුවෙයි




නව යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවුණා. ඒ, ජනාධිපති කාර්යාලයේදීයි. සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව රාජ්‍ය නායකයා බැහැදැකීමේ සම්ප්‍රදායට අනුව නව යුද හමුදාපතිවරයා මෙලෙස ජනාධිපතිවරයා හමුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

එම අවස්ථාව සංකේතවත් කරමින් යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිලිණයක් ද පිරිනමා තිබෙනවා.