Friday, May 10, 2024

General line - 0115112241

රෙජිනෝල්ඞ් පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගැනීමට සැරසෙයි

කසුන් කැලුම්




තමන් ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගන්නා බව උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ පවසනවා. ඊයේ (26) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමට ඔහු ඇතුළු පිරිසකට ආරාධනා ලැබී තිබුණේ නැහැ. කොළඹ අද (27) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පදනම මේවනවිට දෙදරා ඇති බවයි.

මේ අතර ඊයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී එහි භාණ්ඩාගාරික ධූරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක ඉවත් කිරීමට ද තීරණය කෙරුණා.

කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් එම පක්ෂය එක්සත් ජාතික පක්ෂය හා එක් කිරීමේ සූදානමකින් පසුවන බවයි.