Saturday, April 27, 2024

General line - 0115112241

පොල්ගහවෙල සහ පොතුහැර අතරදී දුම්රියක් පීලි පනී - උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා




පොල්ගහවෙල සහ පොතුහැර අතර අද (22) දහවල් දුම්රියක් පීලිපැනීමකට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ.

පීලි පැනීමට ලක්ව ඇත්තේ කංකසන්තුරේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක්. එම දුම්රිය පීලිගත කිරීමට අවශ්‍ය කටයුතු යොදවමින් ඇති බවයි දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් කියාසිටියේ.