Sunday, April 28, 2024

General line - 0115112241

ගාල්ලේ හදිසි ආපදා තත්ත්වයකට මුහුණදීමට සියලු කටයුතු සූදානම්

ලලිත් චාමින්ද - ගාල්ල




හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දීම සඳහා මේවනවිට සියලු කටයුතු සූදානම් කර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසනවා. දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ පැවසුවේ හදිසි තත්ත්වයකට මුහුණදීමට ආපදා සහන සේවකයින් දැනටමත් සූදානමින් පසුවන බවයි.

තවලම සහ නෙළුව යන ප්‍රදේශ සඳහා නාවික සහ යුද හමුදා භට පිරිස් ද මේවනවිටත් යොදවා තිබෙනවා. කෙසේවෙතත්, මේ දක්වා ගාල්ල දිස්ත්‍රික්කය තුළ හදිසි ආපදාවකට ඇති අවදානම අඩුබව දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළා.