Saturday, April 27, 2024

General line - 0115112241

දඬුගම් ඔය පිටාර ගැලීමෙන් සුළු ගංවතුර තත්ත්වයක් - කටුනායක එන ගුවන් මගීන්ගෙන් ඉල්ලීමක්

ටී කේ ජී කපිල




කටුනායක ගුවන් තොටුපළ සහ ඒ අවට ප්‍රදේශයට අද (24) දින උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 ක කාළය තුළ මිලි මීටර් 272.3 ක වර්ෂාපතනයක් ලැබී ඇති බව ගුවන් තොටුපළ කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු පැවසුවා.

නිරිතදිග මෝසමේ අවසන් කාළය මෙන්ම පහළ වායු ගෝලයේ කැළඹිලි සහගත තත්ත්වයක් නිසා මෙම අධික වැසි සහිත කාළගුණික තත්ත්වය හට ගෙන ඇති බව ද එම ප්‍රකාශකවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මෙම අධික වැසි සහිත කාළගුණික තත්ත්වයක් පැවතිය ද , කටුනායක ගුවන් තොටුපළ තුළ ක්‍රියාත්මක ගුවන් ගමන් මෙහෙයුම් කිසිදු බාධාවකින් තොරව පවත්වා ගෙන යන බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසුවා.

එහෙත් මේ වනවිට ගුවන් තොටුපළ අවට ප්‍රදේශය ඔස්සේ ගලා බසිනා දඩුගම් ඔය පිටාර ගැලීමෙන් ප්‍රදේශය පුරා සුළු ගංවතුර තත්ත්වයක් ඇති වී තිබෙනවා.


මේ නිසා කටුනායක ගුවන් තොටුපළ වෙත පිටත්වීම සඳහා පැමිණෙන ගුවන් මගීන්, තම ගුවන් යානය පිටත්වීමට පැය 03 කට පෙර ගුවන් තොටුපළ වෙත පැමිණීමට පියවර ගන්නා ලෙස ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ගුවන් මගීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියා.