Sunday, April 28, 2024

General line - 0115112241

අද විභාගයට පෙනී සිටීමට නොහැකි සිසුන් 1911ට අමතන්න - ඒ වෙනුවට වෙනත් දිනයක්

නිශාන් ද සිල්වා




අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ සෞන්දර්ය ප‍්‍රායෝගික පරීක්‍ෂණයට පෙනී සිටීමට නොහැකි වන සිසුන් වෙනුවෙන් වෙනත් දිනයක් ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

උසස් පෙළ සෞන්දර්ය ප‍්‍රායෝගික පරීක්‍ෂණය අද (24) දිනයේ සිට ආරම්භ වන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පැවසුවේ.

වර්ෂාව පවතින ප‍්‍රදේශවල සිසුන්ට ගංවතුර හා ප‍්‍රවාහන අපහසුතා හේතුවෙන් විභාගයට පෙනී සිටීමට නොහැකි වේ නම් 1911 අංකටය දැනුම් දෙන ලෙසද මෙහිදී ඉල්ලීමක් කෙරුණා.

එම සිසුන්ට සෞන්දර්ය ප‍්‍රායෝගික පරීක්‍ෂණයට පෙනී සිටීම සඳහා වෙනත් දිනයක් ලබාදෙන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා නෙත් නිවුස් වෙත වැඩිදුරටත් කියාසිටියේ.