Sunday, April 28, 2024

General line - 0115112241

ජනපති සහ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය අතර සාකච්ඡාවක් සූදානම්

හේමන්ත කහවලගේ




ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ අතර සාකච්ඡාවක් ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඉදිරි දින කිහිපයේදී එම සාකච්ඡාව පැවැත්වෙනු ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂට සහාය දක්වනවාද යන්න පිළිබදවද මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ. ජනාධිපතිවරයා සහ ගෝඨාභය රාජපක්‍ෂ අතර ඉදිරියේ පැවැත්වෙන එම සාකච්ඡාවේදී යම් එකගතාවකට පැමිණෙනු ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ. 

මේ අතර ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ අතර සාකච්ඡාවක්ද ඉකුත්දා පැවැත්වුණා. ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට පැමිණිය හැකි එකඟතාවන් පිළිබදව මෙහිදී සාකච්ඡා වී ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.