Monday, May 6, 2024

General line - 0115112241

SLT Speedup පාපැදි සවාරියේ තෙවන දිනය අවසන්




SLT Speedup පාපැදි සවාරියේ තෙවන දිනයේ තරගය අද (26) උදෑසන බණ්ඩාරවෙල නගරයෙන්  ආරම්භ කරන ලදී.

 තරගය නුවරඑළිය , පේරාදෙණිය , නුවර පසු කරමින් කිලෝමීටර් 159 ක දුරක් ගෙවා කුරුණෑගලට ළඟා විය.

තෙවන දින ජයග‍්‍රාහකයා බවට ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ ප‍්‍රභාෂ් මදුශංක පත් වූ අතර දෙවන හා තෙවන ස්ථානයන් පිළිවෙළින් ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ තුෂාන් රාජපක්ෂ, ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ චාමික සඳුන් කුමාර විසින් දිනා ගන්නා ලදී.

දෙවන දින තරගයේ පෙරමුණ ගත් සහ හොදම කදු තරණය කරන්නා ලෙස තේරී පත් වූයේ වරාය අධිකාරියේ සජිත් හසන්තල හොදම තරුණ ක්‍රීඩකයා වූ වරාය අධිකාරියේ චමෝද් ද සිල්වා සහ හොඳම තැන්නේ ශූරයා ලෙස තේරී පත් වූ නාවික හමුදාවේ සදුන් කුමාර ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් ප‍්‍රදානය කරන ලද වර්ණිත ජර්සි වලින් සැරසී තෙවන දිනයේ තරග වැදුණි.

පිරිමි තරගයේ 4 වන දිනය අදියර දෙකකින් සමන්විත වන අතර එහි පළමු අදියර හෙට උදෑසන 8.30 ට කුරුණෑගලින් ආරම්භ වීමට නියමිතව තිබේ.. එය අනුරාධපුරය හරහා වවුනියාවට ගමන් කර මද විරාමයකින් පසුව එහි දෙවන අදියර පස්වරු 3 ට වව්නියාවෙන් ගමන් අරඹා ත‍්‍රිකුණාමලයෙන් අවසන් වීමට නියමිතය.

තවද දින දෙකකින් යුක්ත කාන්තා තරගය හෙට ශ‍්‍රී ලංකා ටෙලිකොම් ප‍්‍රධාන කාර්යාලය ඉදිරිපිට දී සමාරම්භය සනිටුහන් කර කුරුණෑගලට ළඟා විමට නියමිතව තිබේ.