Wednesday, February 19, 2025

General line - 0115112241

මම සැබෑ ජනතා සේවකයා වෙනවා : ඇමති සජිත් කියයි



තමා පූර්ණ කාලීනව ජනතාවගේ සේවකයා බවට පත්වන බව ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ,    බෙන්තර - ඇල්පිටිය එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීම අද (29) අමතමින්.

තරුණ - තරුණියන් වෙනුවෙන් සිදු කරන ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මෙහිදී අදහස් පළ කළා. 

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වයට පත්වීමෙන් පසු අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහභාගී වූ පළමු රැස්වීම මෙයයි.