පවතිව වැසි සහිත කාලගුණය ද නොතකා අද (29) දිනයේ ද බොහෝ පිරිසක් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පැමිණියා. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි. අද දිනයේ ද රාත්‍රී 09.00 වනතෙක් ප්‍රදර්ශනය පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සමන්ත ඉන්දීවර පැවසුවේ.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නිල රේඩියෝව ලෙස මෙවරත් කටයුතු කරන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි. ප්‍රදර්ශන භූමියේ ස්ථාපිත නෙත් එෆ් එම් කුටියේ ඇති පොත් කැටයට පොත් පරිත්‍යාග කිරීමට ද අද දිනයේත් බොහෝ පිරිසක් එක්වුණා. දිරිය නෙත් සමාජ සත්කාරක වැඩසටහන යටතේ එම පොත් අවශ්‍යතා සහිත දුෂ්කර ප්‍රදේශවල පාසල් සදහා බෙදාදීමට නියමිතයි.