විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ද වැඩවර්ජනයක නිරතවන අවස්ථාවේ විශ්ව විද්‍යාල කිහිපයක ආචාර්යවරුන් සඳහා නියමිත කි‍්‍රයාපටිපාටියෙන් පරිබාහිරව වැටුප් ලබාදීමේ සිද්ධියක් වාර්තා වනවා.
වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ මුදල් රෙගුලාසි නීතිරීතිවලට අනුව විශ්ව විද්‍යාලයක මුදල් සම්බන්ධයෙන් සම්පූර්ණ භාරකාරිත්වය දරන්නේ එහි මූල්‍ය අධිකාරිවරයා බවයි.
එහෙත්, මේ වනවිට විශ්ව විද්‍යාලවල මූල්‍ය අධිකාරිවරුන් ඇතුළු නිලධාරීන් ද වැඩවර්ජනයේ නිරත වනවා. එවන් පසුබිමක විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට රාජ්‍ය බැංකුවල ඇති විශ්ව විද්‍යාල ගිණුම්වලින් මුදල් ලබාදෙන්නේ කෙසේදැයි වෘත්තීය සමිති ප‍්‍රශ්න කරනවා.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර මූල්‍ය අධිකාරී ශානක රොද්‍රිගෝ සඳහන් කළේ "මේ වෙලාවේ විශ්ව විද්‍යාල උපකුලපතිවරු විසින් බැංකු හරහා සමහර විශ්ව විද්‍යාලවල ආචාර්යවරුන්ට වැටුප ගෙවීමේ හැකියාවක් නැති නිසා පසුගිය මාසයේ වැටුපෙන් කොටසක් ඒ ඒ බැංකුවලින් ගෙවීමක් කරගෙන යනවා." යනුවෙනි.
මේ අතර වැටුප් විෂමතාවක් මුල්කර ගනිමින් විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින් ද තවදුරටත් වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයේ නිරත වනවා.