ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස, ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම ලබන 07 වැනිදා සිදුකිරීමට නියමිතයි.
පසුව මැතිවරණ ප‍්‍රචාරක කටයුතු පුළුල් ලෙස ආරම්භ කරන බවයි අමාත්‍ය දයා ගමගේ නෙත් නිවුස් වෙත කියා සිටියේ.
එහිදී ඔහු සඳහන් කළේ "එළඹෙන 03 වැනිදා අපේ පක්ෂයේ සම්මේලනය කැඳවනවා. 07 වැනිදා අපි නාමයෝජනා භාර දෙනවා. 08 වැනිදා දළදා මාලිගාවටත්, මහානායක ස්වාමීන්වහන්සේලාත් බැහැ දැක ආශීර්වාද ලබා ගන්නවා. 10 වැනිදා ගෝල්ෆේස් පිටියේ පළවෙනි මහජන රැළිය පවත්වනවා." යනුවෙනි.
පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් සියලූ දෙනා එක්වී කටයුතු කරන බවයි අමාත්‍ය දයා ගමගේ වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.