Wednesday, February 19, 2025

General line - 0115112241

නීති කඩා පානදුර සුසාන භූමියේ සිහිවටනයක් - ප්‍රදේශවාසීන්ගෙන් චෝදනා

දිල්ෂාන් තුෂාර



පානදුර මිනුවන්පිටිය පොදු සුසාන භූමිය තුළ භූමදානය සිදු කර සිහිවටන ඉදිකිරීම තහනම් කර ඇතත්, එම තහනම කඩකළ අවස්ථාවක් පිළිබඳ ප්‍රදේශවාසීන් නෙත් නිවුස් වෙත වාර්තා කළා.

වැඩිදුර සොයා බැලීමේදි අනාවරණ වුණේ මෙලෙස සිහිවටනයක් ඉදිකර ඇත්තේ පානදුර නගර සභාවේ පරිපාලකවරයෙකු වෙනුවෙන් බවයි.

නගර සභා සේවකයින්ට එක් නීතියක් ද, සාමාන්‍ය ජනතාවට තවත් නිතියක් කි‍්‍රයාත්මක වන්නේ කෙසේදැයි ප‍්‍රදේශවාසීන් ප‍්‍රශ්න කරනවා.  

"අපි භූමිදානයක් සඳහා සිහිවටනයකට අඩියයි දෙකේ කොටුවකට අවසර ඉල්ලුවා. නගරාධිපති කිව්වා එහෙම දෙන්නේ නෑ කියලා සම්මත කරගෙන තියෙනවා. ඒක නිසා ඒකට අවසර දෙන්න බෑ කියලා. ඒ තීරණයට හිසනමලා අපි සාමාන්‍ය ලෙස භූමිදාන කටයුතු සිදු කළා. දැන් ඔහුගේ හිතවතෙකුගේ සිහිවටනයක් අඩි නවයයි පහේ පමණ එකක් දැන් ඉදිකරගෙන යනවා. ගිහින් ඇහුවාම කිව්වා දන්නේ නෑ කියලා."

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් පානදුර නගර සභාවේ නගරාධිපති නන්දන ගුණතිලකගෙන් විමසීමක් කළා. 

ඔහු කියා සිටියේ "මම කොහෙවත් අවසර දීලා නෑ. අපේ රටේ සාමාන්‍යයෙන් සෙනසුරාදා ඉරිදා තමයි වැඩියෙන්ම නීති කඩන්නේ. මේකත් එහෙම එකක්. " යනුවෙනි.