Wednesday, February 19, 2025

General line - 0115112241

පුරවැසිභාවයේ වලංගු බව අභියෝගයට ලක් කරමින් ගෝඨාට එරෙහිව ගොනු කෙරුණු පෙත්සම විභාගයට දින දෙයි

අධිකරණ වාර්තාකරු



ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසිභාවයේ වලංගුතාව අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

මෙම පෙත්සම සිවිල් සමාජ ක්‍රියාකාරීන් වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන අය විසින් ගොනු කර තිබෙනවා.

මෙම පෙත්සමෙන් පෙත්සම්කරුවන් පවසා සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා නීත්‍යානුකූල ලෙසට ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබා ගෙන නොමැති බවට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙසට ආගමන විගමන පාලකවරයා, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා සහ රාජ්‍ය පරිපාලන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිසක් නම් කර සිටිනවා.

මෙම පෙත්සම ඔක්තෝබර් මස 2, 3, 4 යන දිනවල සලකා බැලීමට අභියාචනාධිකරණය අද (30) දින නියම කළා.

මෙම පෙත්සම පවත්වාගෙන යාමට එරෙහිව මූලික විරෝධතා ඉදිරිපත් කරන බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.