Wednesday, February 19, 2025

General line - 0115112241

රංජන්ට එරෙහි නඩුවේ ප්‍රසන්න විතානගේත් සාක්ෂි දෙයි

අධිකරණ වාර්තාකරු



නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක ජනමාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශයකින් අධිකරණ පද්ධතියට හා නීතිඥයින්ට අපහාසයක් සිදු කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුව ඔක්තෝබර් මස 24 දා කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) නියෝග කළා.

අද දින මෙම නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ කැඳවූ අවස්ථාවේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා සහ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ විත්ති පාර්ශ්වයේ සාක්ෂිකරුවන් ලෙසට සාක්ෂි ලබා දුන්නා.

2017 වසරේ අගොස්තු මස 21 වැනිදා නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක ජනමාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශය තුළින් බැලූ බැල්මට අධිකරණයට අපහාසයක් වී ඇති බව නීතිපතිවරයා මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට  දැනුම් දුන්නා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ මෙම පෙත්සම් මාගල්කන්දේ සුදන්ත හිමි ඇතුළු පාර්ශ්වයන් දෙකක් විසින් ගොනු කර තිබුණා.