Wednesday, February 19, 2025

General line - 0115112241

සජිත් දිනවන්න නව තරුණ පෙරමුණක් හදයි

දිල්ශාන් තුෂාර



ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම සඳහා නව තරුණ පෙරමුණක් පිහිටුවා තිබෙනවා.

එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර හර්ෂණ රාජකරුණායි. සිය ඉදිරි වැඩසටහන සම්බන්ධයෙන් මන්තී‍්‍රවරයා නෙත් නිවුස් වෙත පැහැදිළි කරමින් සඳහන් කළේ තරුණ බල මණ්ඩල ආසන මට්ටමින් පැවැත්වීමට සිය සංවිධායකවරුන්ට මේ වන විටත් උපදෙස් ලබා දී ඇති බවයි. 

ඉදිරියේදී විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන ප‍්‍රබලයින් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස වටා එක්වන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර චන්දිම ගමගේ ද ප‍්‍රකාශ කළා. 

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන් පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයට මේ වනවිට පැමිණ සිටිනවා.

ඒ, ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ  සහ ආග‍්‍රාමත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන විශේෂ වැඩසටහනකට සහභාගී විම සඳහායි.

ඉදිරි ජනාධිපතිවරණය මෙහෙයවීම සහ ප‍්‍රචාරක වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙහිීදී ආසන සංවිධායකවරුන් දැනුවත් කරනු ඇති.