Wednesday, February 19, 2025

General line - 0115112241

ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාරගෙන් ජනතාවට පොරොන්දුවක්

පාලිත ආරියවංශ



වංචනිකයින්ට දඬුවම් ලබාදීමට පෙර දඬුවම් ලබාදීමට පිහිටුවා ඇති ආයතන ව්‍යූවහය නිවැරදිව සකස් කළ යුතු බව ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ බදුල්ලේ පැවැති ජනහමුවක් අමතමින්. 

දූෂිතයින්ට දඬුවම් දිය හැක්කේ ජාතික ජනබලවේගයේ පාලනයකට පමණක් බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක වැඩිදුරටත් කියා සිටියේ ඉදිරි පාලනයකදී දූෂිතයින් සහ වංචාකරුවන්ට අනිවාර්යයෙන්ම දඬුවම් ලබා දෙන බවයි.