Tuesday, May 14, 2024

General line - 0115112241

ඉන්ධන මිල අනපේක්ෂිත ලෙස ඉහළ යා හැකි බවට අනතුරු අඟවයි

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලෝක වෙළඳපලේ ඉන්ධන මිල ගණන් අනපේක්ෂිත අගයන්ගෙන් ඉහළ යා හැකි බවට සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ඒ, අමෙරිකානු මාධ්‍යයක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. ඉරානයේ අත්තනෝමතික කි‍්‍රයා වැළැක්වීමට ගෝලීය ප‍්‍රජාව පියවර නොගත හොත් ලෝක වෙළඳපලේ බොරතෙල් මිල ඉහළ යාම ද පාලනය කළ නොහැකි වනු ඇති බවයි සල්මාන් කුමාරු පැවසුවේ. 

සෞදිය සහ ඉරානය අතර හටගන්නා යුද්ධයෙන් ගෝලීය ආර්ථිකය විනාශ වනු ඇති බවට ද සල්මාන් කුමරු අනතුරු ඇගවීමක් සිදු කළා. ඔහු මේ බව ප‍්‍රකාශ කළේ ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථාන දෙකක් ඉලක්ක කර ඉකුත් දා එල්ල වූ ගුවන් ප‍්‍රහාර සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

මේ අතර මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ ඝාතනයට සම්බන්ධ ඇතැම් වගකීම් සෞදි නායකයෙකු ලෙස තමන් භාරගන්නා බවද සල්මාන් කුමාරු පවසා තිබෙනවා. එහෙත් ජමාල් කෂෝගි ඝාතනය කිරීම සඳහා පුද්ගලිකව අණ ලබාදුන් බවට තමන් හට එල්ල වන චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කරන  බවයි සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු අවධාරණය කළේ.