Wednesday, February 19, 2025

General line - 0115112241

තැපල් ජන්ද අයැදුම කිරීමේ දිනය දීර්ඝ කරයි 

දිනුක් හේවාවිතාරණ



නොවැම්බර් 16 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා තැපැල් ජන්ද අයැදුම් කිරීමේ දිනය දීර්ඝ කිරීමට මැතිවරණ කොමිසන් සභාව අද (30) තීරණය කර තිබෙනවා. 

ජනාධිපතිවරණය සඳහා වූ තැපැල් ජන්ද ඉල්ලුම් කිරීමේ අවසන් දිනය අදට යෙදී තිබුණු අතර එම දිනය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට විශේෂ සාකච්ජාවක් අද පවත්වනු ලැබුවා. ඒ මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු සමාජිකයින් විසින්.

එහිදී ගනු ලැබූ තීරණයකට අනුව ජනාධිපතිවරණය සඳහා තැපැල් ජන්ද අයදුම් කිරීම ඔක්තෝම්බර් 04 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට මැතිවරණ කොමිසන් සභාව තීරණය කර ඇති බවයි එහි ප්‍රකාශයකයෙක් සඳහන් කර සිටියේ.