Wednesday, February 19, 2025

General line - 0115112241

මහගමසේකර මාවතේ නිවස ජනපතිටම දෙන්න කැබිනට් අනුමැතිය



වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයෙන් විශ්‍රාම යාමෙන් අනතුරුව ද ඔහුට විශේෂ ආරක්ෂාවක් ලබා දිමට අද (15) රැස්වු කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩ පැවැත්විම සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගනු ලැබු ක්‍රියාමාර්ගයන් හේතුවෙන් ඔහුට ජිවිත තර්ජණයක් ඇති බැවින් එතුමාගේ ආරක්ෂාව සදහා පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබා දිමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ.

එමෙන්ම වත්මන් ජනාධිපතිවරයා සිය නිල නිවෙස ලෙස භාවිතා කරනු ලබන කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි නිවස ජනාධිපතිධුරයෙන් විශ්‍රාම යාමෙන් පසුව ඔහුටම ලබාදිම සදහා මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කරනු ලැබු කැබිනට් පත්‍රිකාවට ද අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.