මෙරට තරුණ තරුණියන් අනාගතයේදී අතරමං නොවන ලෙස ඔවුන් වෙනුවෙන් නව සැලසුම් සකස් කරන බව ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ තරුණ තරුණියන්ට සුදුසු වේතනයක් ලබාගැනීමට හැකිවන පරිදි රැකියා උත්පාදනය කළ යුතු බවයි.
නව තාක්ෂණයත් සමග නිර්මාණය වී ඇති රැකියා අවස්ථා මෙරට තරුණ තරුණියන් වෙත ළගා කරදීමට කටයුතු කරන බවයි ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.
ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.