Wednesday, February 19, 2025

General line - 0115112241

ජනතාවට බරක් නොවන බදු ක්‍රමයක් සකස් කළ හැකි බව අනුර කුමාර පෙන්වයි



ජනතාවට බරක් නොවන පරිදි මෙරට බදු ප‍්‍රතිපත්තිය සකස් කළ හැකිව තිබියදිත් එය එසේ සිදුනොවන බව ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ රාජ්‍ය ආයතන පාඩු ලබන්නේ ද වංචාව සහ දූෂණය පැවතීම හේතුවෙන් බවයි. 

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට නිවැරදි දැක්මක් සහිත වැඩපිළිවෙළක් සකස් නොකළ හොත් එය රටේ ආර්ථිකයට බලපෑම් එල්ල කරනු ඇතැයි ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක වැඩිදුරටත් කියා සිටියා. 

ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ කිරිබත්ගොඩදී ඊයේ (15) පස්වරුවේ පැවැති ජනරැළියකදීයි.