අලුත්ගම, කළුවාමෝදර ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය බලපත‍්‍ර නොමැති රා ස්කාගාරයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද (16) වටලනු ලැබුවා.
එම ස්කාගාරය පවත්වාගෙන ගොස් ඇත්තේ අංක 199/1, වෙලේ පන්සල පාර, කළුවාමෝදර යන ස්ථානයේයි.
එම ස්ථානයේ හිමිකරු වන සිංහාර සුදත් කුමාර ද සිල්වා නමැත්තා එහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නීති විරෝධී රා ලීටර් 83,000ක් ද එම වැටලීමේදී විශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
සැකකරු සහ නඩු භාණ්ඩ අලුත්ගම සුරාබදු කාර්යාලයේ නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා. මෙම රා කෘතීම ඒවා දැයි පරීක්‍ෂා කිරීම සඳහා ඒවායෙහි සාම්පල රජයේ රස පරීක්‍ෂක වෙත යොමු කිරීමට නියමිතයි.