Sunday, May 5, 2024

General line - 0115112241

විකුණා දැමූ සම්පත් යළි ලබා ගන්නා බව ගෝඨාභය කියයි




වත්මන් ආණ්ඩුව විදේශ රටවලට විකුණා දැමූ සම්පත් යළි ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ රටේ ස්වෛරීත්වය මුල්කර ගත් ප‍්‍රතිපත්ති මාලාවක් කි‍්‍රයාත්මක කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි.

ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මෙම අදහස් පළ කළේ ඊයේ (15) පස්වරුවේ කොළඹ පැවැති සම්මන්ත‍්‍රණයකට එක්වෙමින්. 

මේ අතර ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඊයේ පස්වරුවේ වාරියපොල පැවැති ජනරැළියකට ද සහභාගී වුණා. රටේ ආර්ථිකය ගොඩනගන ආකාරය සම්බන්ධයෙන් ඔහු එහිදී පැහැදිලි කළා.

ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහභාගී වන තවත් ජනරැළි මාලාවක් අද (16) දිනයේද පැවැත්වෙනවා.

මේ අතර ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ලබන 25 වැනිදා එළිදැක්වීමට තීරණය කර තිබෙනවා. ඒ, ඊයේ රාති‍්‍රයේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදීයි. නව සන්ධානය බිහිකිරීම ඔක්තෝම්බර් 31 වැනිදා සිදු කරන බවයි මෙම සාකච්ඡාවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල ප‍්‍රකාශ කළේ. 

උතුරු නැගෙනහිර ජනතාව මෙවර ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය ලබා දෙන බව මෙම සාකච්ඡාවෙන් පසුව අදහස් දැක්වූ EPDP නායක ඩග්ලස් දේවානන්දා ප‍්‍රකාශ කළා. 

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් මෙන්ම ඒකාබද්ධ විපක්ෂයට සහය දක්වන පක්ෂවල නායකයින් ද මෙම සාකච්ඡාව සඳහා සහභාගී වුණා.