ආණ්ඩුවේ ආදායම අහිමිවීමෙන් රට අර්බුදයකට පත්ව ඇති බව ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ ආදායම වැඩිකර ගැනීම සඳහා පැහැදිළි සැලැස්මක් ආණ්ඩුවට නොමැති බවයි.
ආර්ථිකයේ සහ බදු ප්‍රතිපත්තියේ ඇති වී තිබෙන විකෘතිය ඉවත් කිරීමට සිය ආර්ථික සැළැස්මේ පළමු පියවර බවද සඳහන් කළා.
ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ කිරිබත්ගොඩ ප‍්‍රදේශයේ ඊයේ (15) පස්වරුවේ පැවැති ජනරැළියක් අමතමින්.