Wednesday, February 19, 2025

General line - 0115112241

අම්බලන්ගොඩදී කසල තේ කිලෝ 15000 ක් STF අත්අඩංගුවට

දීපාල් ද සිල්වා



අම්බලන්ගොඩ, කන්දේගොඩ ප‍්‍රදේශයේදී ලොරි රථයකින් ප‍්‍රවාහනය කරමින් තිබූ කසල තේ කිලෝග‍්‍රෑම් 4,000 ක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී අත්අඩංගුවට ගැණුනු රියදුරුගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදී ඒවා සකස් කළ කසළ තේ කර්මාන්ත ශාලාව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වැටලූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එහි තිබී කසල තේ කිලෝග‍්‍රෑම් 11,000 ක් සොයා ගෙන තිබෙනවා.

එම කර්මාන් ශාලාවේ සේවකයන්ද දෙදෙනෙකුද අත්අඩංගුවට ගැණුනා. වැටලීම සිදුකළේ පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ වැටලීම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.