සිංහල ලේඛකයන්ගේ සාහිත්‍ය කෘති දෙමළ භාෂාවට හා දෙමළ ලේඛකයන්ගේ සාහිත්‍ය කෘති සිංහල භාෂාවටත් පරිවර්තනය කර පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලය මගින් ප‍්‍රකාශයට පත් කිරීමේ නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසුවේ මේ හරහා භාෂා පරිශිලනය කරන ජනතාවට එකිනෙකාගේ අදහස් අවබෝධ කර ගැනීමට මහගු අවස්ථාවක් ලැබෙන බවයි. ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂ කන්දයියා පද්මනාදන් විසින් රචනා කරන ලද කාව්‍ය ග‍්‍රන්ථ දහයක් එළි දැක්විම නිමිත්තෙන් බම්බලපිටිය සරස්වතී ශාලාවේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.