රියදුරුගේ හෝ අයිතිකරුගේ දුරකතන අංකය සටහන් නොකර සැක කටයුතු ලෙස මාර්ගවල නවතා තැබෙන වාහනවල කොටස් ගලවා සියුම් පරීක්‍ෂාවකට ලක් කරන බව පොලීසිය පවසනවා.
මට්ටක්කුලිය ප‍්‍රදේශයේ අද උදෑසන සැක කටයුතු ලෙස වාහනයක් දමා යාමේ සිද්ධියත් සමග පැතිරුණු අසත්‍ය ප‍්‍රචාර හේතුවෙන් එම තීරණය ගත් බවයි පොලීසිය පැවසුවේ.
මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ඒ පිළිබද වැඩිදුරටත් මෙලෙස කරුණු දැක්වුවා.