Wednesday, February 19, 2025

General line - 0115112241

මැලේසියාවේ නීති විරෝධීව රැදී සිටින ශී‍්‍ර ලාංකිකයින්ට පොදු සමා කාලයක්



මැලේසියාවේ නීතිවිරෝධීව රැදී සිටින ශී‍්‍ර ලාංකිකයින්ට පොදු සමා කාලයක් ලබා දී තිබෙනවා.

ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ ලබන දෙසැම්බර් මස 31 වනදා දක්වා මෙම පොදු සමා කාලය ලබාදී ඇති බවයි.

මැලේසියාවේ නීතිවිරෝධීව රැදි සිටිමින් සේවය කරන ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයන්ගේ මෙරට ඥාතීන් විසින් ඔවුන් දැනුවත් කර මෙම පොදු සමා කාලයෙන් උපරිම ප‍්‍රයෝජන ගන්නා ලෙස ඔවුන් දැනුවත් කරන ලෙසද මෙහිදී ඉල්ලීමක් කෙරුණා.