Wednesday, May 1, 2024

General line - 0115112241

මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම ඉහළට




ඉහළ ජලාධාර ප‍්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.

මොරගහකන්ද ව්‍යාපෘතියේ භාරකාර ඉංජිනේරු පී එස් බණ්ඩාර පැවසුවේ අද දිනය වනවිට එම ජලාශයෙන් සියයට 42 කට ආසන්න ප‍්‍රතිශතයක් පිරී ඇති බවයි. 

මේ හේතුවෙන් ඉදිරි මහකන්නයේදී ගොවීන්ට බාධාවකින් තොරව ජලය ලබාදිය හැකි බව ද මොරගහකන්ද ව්‍යාපෘතියේ භාරකාර ඉංජිනේරුවරයා පැවසුවා.

එම ජලාශයේ සමස්ථ ජල ධාරිතාව අක්කර අඩි 187, 110 ක් වනවා.