Wednesday, May 1, 2024

General line - 0115112241

අද පස්වරුවේත් ප‍්‍රදේශ රැසකට තද වැසි




සබරගමුව සහ උතුරුමැද පළාත්වලත් වව්නියාව, මන්නාරම, මුලතිව්, කිලිනොච්චිය සහ මොණරාගල දිස්ති‍්‍රක්කවලත් තැනින් - තැන සවස් කාලයේ හෝ රාතී‍්‍ර කාලයේ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර දිස්ති‍්‍රක්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 ත් 100 ත් අතර තරමක තද වැසි ඇති විය හැකි බවයි අද පස්වරුවේ නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ප‍්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් ඇති බැවින් ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිිටිනවා.