Wednesday, May 1, 2024

General line - 0115112241

සියලූ ගොවීන්ට නොමිලේ පොහොර දෙන බවට සජිත්ගෙන් පොරොන්දු




වී ගොවීන්ට පමණක් නොව සියලූම බෝග වර්ග වගා කරන ගොවීන්ට පොහොර නොමිලේ ලබාදෙන බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා.

කැකිරාව ප‍්‍රදේශයේ අද පැවති ජන රැළියකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ජාතික සංවර්ධනය උදෙසා සෑම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ජනාධිපති කාර්යය සාධක බලකා ඒකකය බැගින් පිහිටුවීමට කටයුතු කරන බව ද අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මෙහිදී වැඩිදුරටත් සදහන් කළා.