Wednesday, May 1, 2024

General line - 0115112241

පෝස්ටර් සහ කටවුට්වලට එරෙහි නීති බල ගන්වන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්




මැතිවරණ සමයේ නීතිවිරෝධී ලෙස ප‍්‍රදර්ශනය කරන පෝස්ටර් සහ කටවුට්වලින් සිදු වන දෘෂ්‍ය දූෂණය වැළැක්වීම සදහා පවත්නා නීති කි‍්‍රයාත්මක කිරීමට බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අද අභියාචනාධිකරණය වෙත රිට් පෙත්සමක් ඉදිරිපත් කෙරුණා.

එම පෙත්සම ගොනු කරනු ලැබුවේ පරිසර යුක්ති කේන්ද්‍රය විසින්.

මීට පෙර අභියාචනාධිකරණයේ ගොනු කර ඇති රිට් පෙත්සමක නියෝගයක් අනුව මධ්‍යම පරිසර අධිකාරිය විසින් මැතිවරණ සමයේ සිදු වන දෘෂ්‍ය දූෂණය වැළැක්වීමට අවශ්‍ය නීති රෙගුලාසි සම්පාදනය කර ඇති බවයි පෙත්සම මගින් පෙන්වා දී ඇත්තේ.

එහෙත්, එම නීති රෙගුලාසි මේ වනවිට කි‍්‍රයාත්මක කර නොමැති බව ද පෙත්සම්කාර පාර්ශවය පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව, පෝස්ටර් සහ කටවුට් වලින් සිදු වන දෘෂ්‍ය දූෂණය වැළැක්වීමට මධ්‍යම පරිසර අධිකාරිය අපොහොසත් වී ඇති බවත් එම අධිකාරිය මගින් අදාළ නීති රෙගුලාසි කි‍්‍රයාත්මක කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.