Thursday, May 2, 2024

General line - 0115112241

දිවයින් පළාත් කිහිපයකට හෙට සිට තද වැසි 




දිවයිනට ගිනිකොණ දෙසින් වූ වායුගෝලයේ හටගෙන ඇති කැළඹීමක් හේතුවෙන් හෙට (26) සිට මෙම මස 30 වෙනිදා දක්වා දිවයිනේ පළාත් කිහිපයකට තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

ඒ අනුව විශේෂයෙන්ම උතුර, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත් වලට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ඇතැම් අවස්ථාවල මෙම ප්‍රදේශවලට මිලිමීටර් 100-150 පමණ තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

අපදා කළමණාකරන මධ්‍යස්ථානය පැවසුවේ නායයෑමේ අවධානම් ප්‍රදේශවල තවදුරටත් ඒ පිළිබඳ විමසිලිමත් විය යුතු  බවයි. ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූ අපදා කළමණාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි.