Sunday, April 28, 2024

General line - 0115112241

මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම ජනගත කරන්නැයි විපක්‍ෂ නායකගෙන් නිවේදනයක්




ජනතාව සහ පාර්ලිමේන්තුවට තොරතුරු හෙළි නොකර මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට අත්සන් තැබීම සිදු නොකළ යුතු බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් විපක්‍ෂ නායකවරයා සදහන් කළේ ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබියදී විදෙස් රටක් සමග ආණ්ඩුව කඩිමුඩියේ ගිවිසුමකට එළැඹීම අනුමත නොකරන බවයි.

එවැනි ගිවිසුමක් ආණ්ඩුව අත්සන් කරන්නේ නම් එය සිදුවිය යුත්තේ ජනාධිපතිවරණයෙන්් පසුව බවයි විපක්‍ෂ නායකවරයා සදහන් කළේ. එම ගිවිසුමේ අන්තර්ගතය කුමක් දැයි රටේ ජනතාව හෝ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් නොදන්නා බවද විපක්‍ෂ නායකවරයා සිය නිවේදනයේ දක්වා තිබෙනවා.

මෙම ගිවිසුම අත්සන් කිරීමට පෙර එහි පිටපත ජනතාවගේ දැන ගැනීම සදහා ප‍්‍රසිද්ධියට පත් කළ යුතුයි. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයටද ලක් කළයුතු බවද විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පෙන්වා දෙනවා.

එම ගිවිසුමෙන් ශී‍්‍ර ලංකාවට සෙතක් සැලසෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් මෙතරම් රහස්‍ය බවක් පවත්වාගෙන යන්නේ කුමකටදැයි යන්න සාධාරණ සැකයක් පවතින බවයි විපක්‍ෂ නායකවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

මේ අතර මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට වත්මන් රජය හදිසියේ අත්සන් කිරීම වළක්වන ලෙස පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන පූජ්‍ය අතුරලියේ රතන හිමි, උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ අද දිනයේ ජනාධිපතිවරයා හමුවී ඉල්ලා තිබෙනවා.

මේ, ඉන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල.