Sunday, April 28, 2024

General line - 0115112241

බීමතින් අශෝභන ලෙස යතුරුපැදිය ධාවනය කළ තරුණියක් තවත් රථ දෙකක් හප්පා යයි 

කාංචන කුමාර ආරියදාස




ස්කුටර් වර්ගයේ යතුරු පැදියක් ප්‍රධාන මාර්ගයක අශෝභන ලෙස සහ තවත් වාහන දෙකකටද අලාභහානි ද සිදු කරමින් ධාවනය යෙදුණු 23 හැවිරිදි තරුණියක් ඊයේ (09) රාත්‍රියේ ගලේවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ තරුණියක් බවත් එම තරුණිය අධික බීමතින් සිටීම නිසා නිසි ප්‍රකාශයක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයෙන් සිටි බවයි ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුක්ෂාන් පෙරේරා සඳහන් කළේ.

දඹුල්ල ගලේවෙල ප්‍රධාන මාර්ගයේ තලකිරියාගම ප්‍රදේශයේදී  ත්‍රීරෝද රථයක් සහ වෑන් රථයක් අදාළ ස්කූටර් වර්ගයේ යතුරු පැදියකින් ගමන් කළ තරුණිය අනතුරට ලක් කර තිබෙනවා. අනතුරු දෙකෙන් එම තරුණියටද සුළු තුවාල සිදුව තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

පසුව ඇයගේ දෙමව්පියන් ද පොලිසියට ගෙන්වා ප්‍රශ්න කර ඇති අතර එහිදී හෙළි වී ඇත්තේ අදාළ තරුණිය නිවසට හොරෙන් දඹුල්ල ප්‍රදේශයේ මිතුරකු හමුවීම සඳහා පැමිණ ඇති බවයි.

පසුව දඹුල්ලේ දී මත්පැන් පානය කොට ඇති ඇය තවත් මත්පැන් බෝතලයක් සිය ගමන්මල්ලේ තබා ගනිමින් අතරමග එයද පානය කරමින් කුරුණෑගලට ගමන් කරමින් සිට ඇති බවත් අනාවරණය වී තිබෙනවා.