Sunday, April 28, 2024

General line - 0115112241

‘මහාවංශය අවසාන භාගය’’ ග‍්‍රන්ථය එළිදක්වයි




මහමෙව්නා භාවනා අසපුවේ නිර්මාතෘ, පූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් විසින් පරිවර්ථනය කළ ‘‘මහාවංශය අවසාන භාගය’’ ග‍්‍රන්ථය එළිදැක්වීමේ මහා පුණ්‍ය මංගල්‍යය අද (10) කඩුවෙලදී පැවැත්වුණා.

ඒ, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන්.

එම ග‍්‍රන්ථය ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙත පිළිගන්වමින් පූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් අනුශාසනාවක් ද සිදුකළා.

‘‘මහාවංශය අවසාන භාගය’’ ග‍්‍රන්ථය එළිදැක්වීමේ මහා පුණ්‍ය මංගල්‍යය සඳහා ගිහි පැවදි බොහෝ පිරිසක් ද එක්ව සිටියා.