Thursday, March 28, 2024

General line - 0115112241

කටුබැද්ද ඇවිදන මන්තීරුවේ අවිධිමත් තැන් ගැන නෙත් නිවුස් අනාවරණයට ජනපතිගෙන් කඩිනම් ප‍්‍රතිචාර




කටුබැද්ද විශ්ව විද්‍යාලයට යාබද ඇවිදින මංතීරුව ඇතුළත් පරිසර කලාපය නිසිලෙස නඩත්තු නොවන බවට නෙත් නිවුස් කළ අනාරණයට බලධාරීන් ප‍්‍රතිචාර දක්වා තිබෙනවා. 

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අදාළ ප‍්‍රවෘත්තිය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ලබාදුන් නියෝගයකට අනුවයි. 

ඒ අනුව ඊයේ දිනයේම ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ නිලධාරීන් අදාළ ස්ථානය පරීක්‍ෂා කර නෙත් නිවුස් විසින් පෙන්වාදුන් දුර්වලතා නිවැරදි කිරීමට  කි‍්‍රයාමාර්ග ගෙන තිබෙනවා. 

මේ ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් එම් ආර් ඩබ්ලිව් ද සොයිසා.

පරිසරය සුන්දරව සහ සුරක්ෂිතව පවත්වාගැනීමට මහජන සහයද අපේක්ෂා කරන බවත් මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.

කටුබැද්ද විශ්ව විද්‍යාලයට යාබද ඇවිදින මංතීරුව ඇතුළත් පරිසර කලාපයේ කැලිකසල අවිධිමත්ව බැහැර කර කර ඇති බවත් එහි නඩත්තු කිරීම් කාර්‍යක්ෂමව සිදු නොවන බවත් නෙත් නිවුස් ඊයේ අනාවරණ කළා.  
 

....................................................................................................................................................................................................................................................................................................................................................................................................................

ජනතාව සුව කරන්න හැදූ කටුබැද්දේ ඇවිදින මංතීරුව දැන් ජනතාව ලෙඩ කරමින් යයි (PHOTOS)

(12-12-2019 06:22)

කටුබැද්ද විශ්ව විද්‍යාලයට යාබද ඇවිදින මංතීරුව ඇතුළත් පරිසර කලාපය නිසිලෙස නඩත්තු නොවන බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

එහි කැලිකසල අවිධිමත්ව බැහැර කර ඇති බවයි නෙත් නිවුස් කළ සොයා බැලීමකදී පෙනී ගියේ. පවිත‍්‍ර කිරීමේ කටයුතු කාර්යක්ෂමව සිදු නොවන බව ද පෙනී ගියා.

මෙම ප‍්‍රදේශයේ මදුරුවන් ද සුලබ වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන්ට හමුවූ පිරිස් ප‍්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම ඇවිදින මංතීරුව වටපිටාවේ ඇති ඇතැම් නිවාසවල අපවිත්‍ර ජලයද බට මගින් මුදා හැරෙන්නේ මෙම ප්‍රදේශයට බවයි වාර්තා වුණේ.

ඉකුත් වසරේ විවෘත කරන ලද මෙම ඇවිදින මංතීරුව මේ වන විට ජනතා මුදල් නාස්ති කළ ව්‍යාපෘතියක් බවට හැරෙමින් පවතිනවා සේම ජනතාවට ලෙඩ රෝග බෝ කරන මඩවගුරක් බවටද පත් වෙමින් තිබෙනවා.