Friday, March 29, 2024

General line - 0115112241

බැලුම්ගලට කතා කළ ක්‍රීඩිකාවට පොරොන්දු වූ පාපැදිය ලබාදෙන බවට බලධාරීන් සහතික වෙයි (PHOTOS)




පාපැදියක් නොමැතිවීම හේතුවෙන් පාපැදි ශූරියක් වීමට තිබූ සිහිනය බොඳවී යමින් සිටි නිකවැරටියේ සඳලි නිපුනිකාගේ සිහිනය සැබෑ කිරීමට නෙත් එෆ්. එම්. රේඩියෝවට අද (16) හැකිවුණා.

අද (16) උදෑසන ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. බැලුම්ගල වැඩසටහන අමතමින් ඇය ප‍්‍රකාශ කළේ තමා පාපැදි තරගවලින් ලැබූ ජයග‍්‍රහණ හමුවේ පාපැදියක් ලබා දෙන බවට බලධාරීන් පොරොන්දු වූ බවයි.

එහෙත්, මේ දක්වා එම පොරොන්දුව ඉටු නොවීම හේතුවෙන් පාපැදි ශූරියක් වීමට තිබූ සිහිනය බොඳවී යමින් ඇති බවයි සඳලි නිපුනිකා කී‍්‍රඩිකාව එහිදී ප‍්‍රකාශ කළේ.

ඒ අනුව නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් කී‍්‍රඩා බලධාරීන්ගේ අවධානය වහා යොමු කළා. කී‍්‍රඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මික මුතුගල එහිදී මෙම කී‍්‍රඩිකාවට සති 02 ක් තුළ පාපැදියක් ලබා දෙන බව පැවසුවේ නෙත් රේඩියෝවට ද ස්තූතිය පළ කරමින්. 

නෙත් රේඩියෝවේ මැදිහත්වීමෙන් තම සිහිනය සැබෑ කර ගැනීමට ලද අවස්ථාව පිළිබඳ සඳලි නිපුනිකා කී‍්‍රඩිකාව ද අදහස් පළ කළා.  

දුෂ්කරතා, අභියෝග ජයගනිමින් රටට ද කීර්තියක් අත්කර දීමට වෙහෙසෙන, කැපවන මෙවැනි දක්ෂයින් දිරිගැන්වීම නෙත් සතුටු සඳුදාවේ අරමුණයි.