Thursday, March 28, 2024

General line - 0115112241

ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය යාපනයේ සෝදිසි මෙහෙයුමක (PHOTOS)




යාපනය නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක වන කල්ලි සාමාජිකයින් හා අපරාධවලට සම්බන්ධ පිරිස් සොයා විශේෂ සෝදිසි කිරීමක් අද (22) දින යාපනය නගරයේදී ක්‍රියාත්මක කළ බව යාපනය පොලිසිය පවසනවා.

යාපනය පොලිසිය පැවසුවේ පොලිස් නිළධාරීන්,යුධ හමුදා නිළධාරීන් හා ‍පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් එක්ව අදාළ සෝදිසි කිරීම් සිදුකළ බවයි.

සෝදිසි කිරීම්වලදි යාපනය නගර සීමා‍ව පරීක්ෂා කිරීම සිදුකළ අතර, පරීක්ෂා කිරීමේදි සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වු බවද යාපනය ආරක්ෂක අංශ පැවසූහ.

යාපනය නගරය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන ආවා කල්ලිය,වික්ටර කල්ලිය,ධනු රොක් කල්ලිය, අජිත් කල්ලිය වැනි කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සෝදිසි කිරීම් මෙහෙයුමේ අරමුණ වි තිබු බවද ආරක්ෂක අංශ පවසනවා.

යාපනය නගරයේ ජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමේ අරමුණින් සෝදිසි කිරීම් මෙහෙයුම් ඉදිරියේදීත් ක්‍රියාත්මක කිරීමට නියමිත බව යාපනය පොලිසිය සඳහන් කරන්නේ.