Wednesday, May 8, 2024

General line - 0115112241

උසස් පෙළ පටන් ගත් තැන ප‍්‍රමාදයක්




අද (02) ආරම්භ වූ උසස් පෙළ විභාගයේ සංයුක්ත ගණිතය පළමු කොටස ප‍්‍රශ්න පත‍්‍රය ගම්පහ හේනේගම මහා විද්‍යාලයේදී අයදුම්කරුවන්ට ලබාදීම පැයක් ප‍්‍රමාද වී තිබෙනවා.

මෙම ප‍්‍රශ්න පත‍්‍රය අයදුම්කරුවන්ට ලබාදීමට නියමිතව තිබුණේ උදෑසන 8.30ටයි. එහෙත් ප‍්‍රශ්න පත‍්‍රය ලබාදෙන විට වේලාව උදෑසන 9.30 පමණ වී තිබුණා.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතාගෙන්ද මේ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කළා.

ඔහු පැවසුවේ ඇති වූ ප‍්‍රමාදයෙන් අයදුම්කරුවන්ට අසාධාරණයක් නොවීමට වගබලා ගන්නා බවයි.

 

වගකීම් විරහිතව කි‍්‍රයා කළ විභාග ශාලාධිපතිවරයා අද (02) දිනයෙන් පසු එහි සේවයෙන් ඉවත් කරන බවද ප‍්‍රකාශ කෙරුණා.
මේ අතර රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සැකකරුවන් දෙදෙනෙකුද මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටිනවා.

විශේෂ ආරක්ෂාව යටතේ මාතර දී සහ ති‍්‍රකුණාමලයේදී ඔවුන් ප‍්‍රශ්න පත‍්‍රවලට පිළිතුරු සපයන බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.