Friday, March 29, 2024

General line - 0115112241

ජනපති තඹුත්තේගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්‍ෂණයක (PHOTOS)




ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තඹුත්තේගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ අද නිරීක්‍ෂණයක නිරත වුණා. ඒ, ආපදාවලින් පීඩාවට පත් අනුරාධපුර ප්‍රදේශයේ ජනතාවගේ සුවදුක් විමසීමෙන් අනතුරුවයි. ජනාධිපතිවරයා එහිදී භාණ්ඩ මිල ගණන් හා තත්ත්වය පිළිබදවද සොයා බැලූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

සියලු අඩුපාඩු සකසා මහජනතාව වෙත පිරිසිදු භාණ්ඩ අලෙවියක් සදහා කටයුතු සලසන ලෙස ජනාධිපතිවරයා මෙහිදී බලධාරීන් දැනුම් දී තිබෙනවා. ඉහළ ගුණාත්මක භාවයකින් යුතුව සහ පාරිභෝගික ජනතාවට ප්‍රතිලාභ සැලසෙන අයුරින් ආර්ථික මධ්‍යස්ථානය පවත්වාගෙන යෑමේ වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදි අවධානයට ලක් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සදහන් කළේ.