Tuesday, April 16, 2024

General line - 0115112241

දක්ෂතාවය සහ හැකියාව නිවැරදිව හඳුනාගෙන ලෝකය ජයගත් දරුවෙක්

පාලිත ආරියවංශ




තම දක්ෂතාව සහ හැකියාව නිවැරදි ලෙස හඳුනා ගනිමින් ලෝකය ජයගත් දරුවෙකු පිළිබඳ ඉකුත් දා මුළු රටම කතා කළා.

ඔහු බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ 06 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන රෙහාන් ආදිත්‍ය වීරකෝන් ශිෂ්‍යයායි.

මෙම සිසුවා රටවල් 162 ක් අභිභවා යමින් අන්තර්ජාතික ගණිත ඔලිම්පියාඩ් තරගාවලියේදී රන් පදක්කමක් දිනාගන්නේ සියලූදෙනාගේ අවධානය දිනා ගනිමින්.

මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතාවක් විදහා දැක්වූ රෙහාන් ආදිත්‍ය සිසුවා නෙත් ගුඩ් නිවුස් විශේෂාංගයට අදහස් පළ කළා. 

එහිදී ඔහු සඳහන් කළේ අනාගතයේදී වෛද්‍ය ක්ෂේත්‍රයට පිවිසීමේ අපේක්ෂාවක් තමන් සතුව ඇති බවයි.

තම දක්ෂතාව සහ හැකියාව නිවැරදි ලෙස හඳුනා ගනිමින් රටට අභිමානයක් ගෙන ආ රෙහාන් සිසුවා සැමට ආදර්ශයක්. මෙවැනි දක්ෂයින් අගය කිරීම නෙත් සතුටු සඳුදා වේ අරමුණයි.